මෙරට පසුගිය දශකය තුළ අත්හදා බලන ලද ආර්ථික සංවර්ධන ආදර්ශය වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගියදා කොළඹ පැවැති යුරෝපා වෙළෙඳ සංගමය හා ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් පැවැත්වූ සම්පූර්ණ කතාව මෙසේය,
අපනයනයට නැඹුරු වූ ආර්ථිකයක් ගැන සිතීමේ සංකල්පය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආර්ථික අත්දැකීම් සමග සසඳා බලන විට ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයන්නක්. මෑත ඉතිහාසය දෙස සලකා බලන විට වුව ද 1960 ගණන්වල අපනයන වටිනාකම වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් පමණි. එක 70 දශකයේ මුල් භාගය වන විට 12%ක් දක්වා ක්‍රමයෙන් පහත ගියේ ය. 1977 නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හේතුකොටගෙන එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් දක්වා වර්ධනය විය. 1990 දී එම ආර්ථික ප්‍රතිපත්තිවල දෙවැනි පියවර ආරම්භවීමත් සමග වසර 2000 වන විට අපනයන වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක් බවට පත් විය. එතැන් සිට අපනයනය සම්බන්ධ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය 2016 වන විට 13% දක්වා පහළ බැස්සේ ය.
2000 මැද භාගයේ සිට රටේ කර්මාන්ත ප්‍රතිපත්තිය දේශීය කර්මාන්තය කෙරේ නාභිගත කර තිබූ බැවින් ආරක්ෂණවාදය කෙරේ නැඹුරු බවක් දක්නට ලැබිණ.
ලුහුඩු ගාස්තු ක්‍රමයක් එකල තිබූ බැවින් එය විශේෂයෙන් සාමාන්‍ය ආරක්ෂණය වැඩි කළා පමණක් නොව ආයතනවල වටිනාකම ද වැඩි කළ අතර එය වෙළෙඳ ප්‍රතිපත්තිවලට වැඩි සංකීර්ණ බවක් ද ඇති කළේ ය.
අභ්‍යන්තර ණය ගැනීම්වලින් සිදු කරන ලද යටිතල පහසුකම් ආයෝජන වෙළෙඳ කටයුතුවලට සම්බන්ධතාවක් නොමැති අංශය වෙත ද එල්ල කර තිබිණි. එය ණය ගැනීම් විදේශ විනිමය බැරකම් නිර්මාණය කළ අතර අවශ්‍ය විදේශ මුදල් මෙරටට ගලා ඒමක් සිදු වූයේ නැත.
මෙරට පසුගිය දශකය තුළ අත්හදා බලන ලද ආර්ථික සංවර්ධන ආදර්ශකය වෙනස් කිරීමට අවශ්‍ය වී ඇත. ඊට හේතුව එම ආර්ථික රටාව දේශීය ඉල්ලුමට සරිලන ලෙස සකස් වී ඇති බැවිනි.
අප වැනි ආර්ථිකයකට වෙළෙඳ හා ඍජු විදේශ ආයෝජන හරහා 7%ක තිරසාර දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් කරා ළගා වීමට නම් බාහිර ඉල්ලීම්වලට සැපයීම් කිරීමේ ක්‍රියාදාමයකට ඇතුළත් විය යුතුයි.
මෙම ආර්ථික ගමන්පථය සකස් කිරීම සඳහා මෙම රජය ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටිය සමහර ප්‍රතිපත්ති කිහිපයක් ගැන දැන් මම කතා කිරීමට කැමැතියි.
ශක්තිමත් වෙළෙඳ හා ආයෝජන තන්ත්‍රයක් සඳහා වූ පතුල් ගලක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ප්‍රබල සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ය. ශ්‍රී ලංකාව අතීතයේ දී විශ්වාසය තබා සිටියේ විවෘත නිමි බදු දිරිගැන්වීම් ක්‍රමයකි. එම ක්‍රමය යථාවාදී ඍජු විදේශ ආයෝජන වර්ධනයට සීමිත පරිවර්තනයක් සමග විශාල මූල්‍ය අලාභයක් ඇති කරන ලදී. 2016 දී බදු දිරිගැන්වීම් හා වරණීය පොලීවලින් ඇති වූ නිසැක බදු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.4 නැත්තම් දළ දේශීය නිෂ්පාදිතය 1.6% පමණ වූ අතර එය අපට ලැබුණ ඍජු වාර්ෂික විදේශ ආයෝජන මට්ටමට වඩා ඉතා ඉහළ මට්ටමක පැවැතිණි.
ඍජු බදු අයකිරීම් උත්පාද¬නයේ දුර්වලතාවන්ට හේතු වූ එක් කරුණක් වන්නේ 80%ක බදු පසුගාමී වක්‍රබදු ලෙස අය කිරීමට සිදු වූයේ දුප්පත් ජනතාවට විෂම බදු බරක් ඇති කරමිනි.
මේ නිසා ආයෝජන ඇති කිරීම සඳහා නව මාවත් සෙවීමට අපට සිදුව ඇත. ආයෝජන සඳහා ඇස්තමේන්තු ගත මුදල් අවම කිරීමට හා ක්ෂණික ක්ෂයවීම් එනම් හොඳින් ඉලක්ක කළ යම් ආයෝජන වියදම් බදු නවෝත්පාදන ව්‍යාපෘති සඳහා හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
ඍජු විදේශ ආයෝජන දුර්වල වීමට බලපෑ ප්‍රධාන කරුණක් හා ප්‍රතිපත්ති ස්ථාවරත්වයේ අඩුපාඩු ඉතිහාසයේ සිදු වීම් හරහා රජය හොඳන් හඳුනාගෙන තිබේ.
මේ නිසා ස්ථිර ප්‍රතිපත්ති තන්ත්‍රයක්, සරල, පැහැදිලි හා වඩාත් පාරදෘශ්‍ය බදු මුල්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරේ කැපවීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. මෙමගින් මෙහෙයුම් සිදු කරන්නේ කුමන ප්‍රතිපත්ති රාමුවක් තුළ දැයි ආයෝජකයාට පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
වෙළෙඳ හා ආයෝජනවලට උපකාර කිරීම සඳහා ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයෝජන නොකඩවා කරගෙන යන අතර විශේෂයෙන් වරාය හා ගුවන් තොටුපලවල දිගට ම ආයෝජන සිදු කරනු ඇත. මීට අමතරව වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම ඉදිරියට ගෙනයාම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ නොකඩවා කරගන යනු ඇත.
තරගකාරී අපනයන ආර්ථියක් කරා යන ගමනේ දී මානව සම්පත් වර්ධනය කිරීමට භෞතික සම්පත් වර්ධනයට සමාන වැදගත් වන හෙයින් අධ්‍යාපනය, පුහුණුව හා සමීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සඳහා වැඩි දුරටත් සම්පත් වෙන් කිරීමට කටයුතු කරනු ලැබේ.
මීට අමතරව ඉතාම වැදගත් කාරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් කිරීම උදෙසා රජය විසින් දියත් කිරීමට නියමිත ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ තුනක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කැමැතියි.
පළමු වැන්න නම් මූල්‍ය ඒකාග්‍රතාව සහ දේශීය ආදායම් බලගැන්වීමේ ප්‍රතිසංස්කරණයයි. මේ යටතේ නව දේශීය ආදායම් පිළිබඳ නීති කෙටුම්පත් හඳුන්වා දීමේ අවසාන අදියරට පැමිණ සිටියි. නව කෙටුම්පත අගෝස්තු මස තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බදු පරිපාලනය කාර්යයක්ෂම කිරීමට හා එය ස්වයංකරණය කිරීම අරමුණු කරගෙන දියත් කළ ආදායම් පරාපාලන හා කළමනාකරණ තොරතුරු ක්‍රමවේදය ක්‍රියාත්මක කර වසරක් ගතවී තිබේ. ඒකාග්‍රතා භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම අවසන් අදියට පැමිණ ඇත. එය ක්‍රියාත්මක කළ පසු රජයේ ගෙවීම් ක්‍රමවේදය ප්‍රබල මට්ටමකට පත් වෙන ඇත.
අප ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල දැනටමත් අත්විඳිමින් සිටිමු. උදාහරණ ලෙස 2016 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.2%ක් ලෙස ඉහළ ගියේ ය. එය 2014 දී ප්‍රතිශතය වූ 11.5%කට වඩා කැපී පෙනෙන වර්ධනයකි. 2016 වසරේ දී මූල්‍ය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% දක්වා අඩු කර ගැනීමට හැකි විය.
දෙවැනි කාරණය නම් වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයි. බාධාවකින් තොරව වෙළෙඳ කටයුතු කරගෙන යාම සහ බදු සංකීර්ණත්වය අඩු කිරීමේ අරමුණෙන් තීරු බදු හා තීරු බදු නොවන වෙළඳ බදු බාධක අදාළ ප්‍රතිපත්ති තර්කානුකූලව වෙනස් කර වෙළෙඳ ප්‍රතිපත්තිය නවීකරණය කරමින් සිටිමු.
ඍජු හා වක්‍ර බදු අනුපානය ක්‍රමයෙන් 60:40 ප්‍රමාණයට සකස් කළ පසු බාහිර නැඹුරුතාවකින් යුත් ආර්ථිකයකට ඉඩ සලසමින් දැනට කෙරෙන දේශ සීමාවන් තුළ එකතු කරන බදු මත රඳා පැවැතීම අඩු කර ගත හැකි ය.
තුන් වැනි ප්‍රධාන කාරණය වන්නේ නෛතික හා අධිකරණ ප්‍රතිසංස්කරණයයි. ශ්‍රී ලංකා එහි වෙළෙඳ නීති හා පටිපාටි ආයෝජන වාතාවරණය පහසු කිරීම සඳහා යාවත්කාලීන කළ යුතුව ඇත. එබැවින් නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම අප්‍රධාන නීතිමාලාවන් වෙනස් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇති කාරණයයි.
විදේශ විනිමය කළමනාකරණ කෙටුම්පත සහ රේගු පනත වෙළෙඳ හා ආයෝජනය කෙරේ බලපාන ප්‍රධාන කරුණු දෙකක් වන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාව ඉදිරියට යාමේ දී අපනයනය පදනම් කරගත් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය මගින් දේශීය වටිනාකම් ගෝලීය වටිනාකම්වල ඈඳීම සිදු කෙරේ. මෙම ක්‍රමවේදය මධ්‍ය කාලීය වෙළෙඳ හා ආර්ථික විවිධාංගීකරණය සඳහා වූ අඩිතාලම වනු ඇත.
එබඳු ඍජු විදේශ ආයෝජන නව තාක්ෂණය හා වෙළෙඳපොළ ප්‍රවේශය හරහා රටේ වර්ධනය පිනිස අවශ්‍ය ආයෝජන ඉහළ නංවනවා පමණක් නොව එය තීරණාත්මක ණය නිර්මාණය නොකරන ගෙවුම් ශේෂ මූල්‍යතා කටයුතු සිදු කරනු ඇත. ඒ මත රඳා පවතිමින් ආර්ථියක ක්‍රමයෙන් එහි තාක්ෂණික ධාරිතාව වැඩි දියුණු කරන අතර සම්පූර්ණ ආර්ථිකය හරහා අවස්ථාවන් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට ගෝලීය වටිනාකම් ක්‍රමයට ඇතුළුවීමට මග පෑදෙනු ඇත.