ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවන “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වැනි කණ්ඩායමේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.


“ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය නිදහස” මැයෙන් මෙවර එහි විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද්දේ ඉන්දියානු පුවත්පත් මණ්ඩලයේ සභාපති චන්ද්‍රමෞලි කුමාර් මහතා විසිනි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න දොඹගහවත්ත, ගාමිණී සුමනසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.