2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක‍්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වයඹ පළාත් සභා ප‍්‍රධාන ලේකම්වරුන්, දිස්ත‍්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සඳහා සංවිධානය කළ එක් දින වැඩමුළුව හා මිට සමගාමීව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙම පනත පිළිබඳව කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා වැඩමුළුවක්ද 2017.08.10 වන දින පෙ.ව. 9.00 සිට කුරුණෑගල ‟බ්ලූස්කයි” හෝටලයේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් සභා ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මැතිනියණිය, වයඹ පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

05

{jathumbnail off}