ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ 2017 වසරේ පළමු කාණ්ඩයේ පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද සිසුන් සඳහා සහතිකපත් ප්රදානෝත්සවය ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවැත්විය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී පාඨමාලාවන් 09කට අයත් 275දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමිණි.මෙම උත්සවය සදහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා , මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන රමණි ගුණවර්ධන හා ජේ.එම්.තිලකා ජයසුන්දර යන මහත්මීන් ඇතුළු ආරාධිත නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.