කීර්තිශේෂභාවෝපගත ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත ක්ෂේත්රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස් “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කරමින් පවතී.
අභිනවයෙන් ඉදි කිරීමට නියමිත මෙම අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2017 අගෝස්තු මස 28 වන දින පෙ.ව.10.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ අමරදේව පදනමේ සභාපති විමලා අමරදේව මහත්මිය, අධ්යක්ෂ රංජන් අමරදේව මහතා ඇතුළු නිලධාරීන්ද, කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වීමට නියමිතය.