ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙන”වැවක් සමග ගමක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්‍රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


මෙම අවස්ථාවේදී කුඩා දැරියක් ජනාධිපතිතුමා අසලට පැමිණ ජනාධිපතිතුමා හට සිය සෙනෙහස පෑ අයුරු සියල්ලන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ සිද්ධියක් විය.

2.jpg nggid048026 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

3.jpg nggid048027 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

4.jpg nggid048028 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

{jathumbnail off}