ශී‍්‍ර ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමේ මහෝත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි සාහිත්‍යයේ අභිවෘද්ධිය සඳහා කළ අති විශිෂ්ට සේවාව අගය කරමින් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මාන මහාචාර්ය ආරිය රාජකරුණා, නීර් වේ පොන්නයියන්, ජීන් අර්ශනායගම් යන ලේඛක ලේඛිකාවන් වෙත ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
2016 වසරේ ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවන් රැසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයට සමගාමීව ප‍්‍රකාශයට පත්කෙරුණු සාහිත්‍ය විශේෂ කලාපය හා 2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන සාහිත්‍ය කෘතීන් ද සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ ප‍්‍රනාන්දු මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍ය එස්.බී නාවින්න, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඞී. ස්වර්ණපාල ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
{jathumbnail off}