අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(9) ෆින්ලන්තයේ නිල සංචාරය ආරම්භ කරයි.
ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත් වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්රයන් තුළ නව සබඳතා ඇතිකර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදුකෙරේ.
මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නායකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ෆින්ලන්ත නිල සංචාරය ආරම්භ කරනුයේ ජර්මනියේ පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් අනතුරුවය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච් .එස් සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීන් මෙම සංචාරයට එක්වීමට නියමිතය.