දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙනඒමට මෙන්ම මෙරට කෘෂිකාර්මික ප්රබෝධයක් ඇතිකිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතියේ රාජ්‍ය සේවක දිනය අදට (11) යෙදී ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ ඇති සියලු ආයතන එක්ව අද දිනයේ සබරගමු පළාත කේන්ද්‍රකරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව රාජ්‍ය සේවක දින ජාතික වැඩසටහන සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (ආරම්භ කෙරුණු අතර, දේශීය ආහාර භෝග වගාකිරීම සඳහා රාජ්‍ය සේවකයන් සෘජුව මැදිහත් කර ගැනීම, මෙම කාර්යය සඳහා මහජනතාව දායකකර ගැනීම, ආදිය ඇතුළත්ව රාජ්‍ය සේවක ගෙවතු වගා වැඩසටහන හඳුන්වා දෙනු ලබයි.
මෙමගින් සියලුම රාජ්‍ය සේවකයින් මගින් පැළ 100,000 ක් සිටුවීම, සියලුම රාජ්‍ය ආයතනවල ගෙවතු වගා ඇරඹීම, ප්‍රමාණවත් ඉඩ ඇති රජයේ නිල නිවාසවල ගෙවතු වගා ඇරඹීම, රාජ්‍ය නිලධාරී ගෙවතු වගා ඇරඹීම, ක්ෂේත්‍ර නිලධාරී හා ග්‍රාමීය ගෙවතු වගා ඇරඹීම ආදී ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂිත වේ.
එමෙන්ම යහපත් ආහාර පුරුදු පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් යටතේ දේශීය ආහාර භාවිතයට ගැනීම, ආහාර නාස්තිය අවම කිරීම,වස විසෙන් තොර ආහාර පරිභෝජනය හා පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කර ගැනීම ආදිය පිළිබඳව හඳුන්වා දීමට නියමිතය.