විද්‍යාත්මක ප‍්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ කොළඹ ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු ක්ෂේත‍්‍ර යටතේ 2015 වර්ෂයට අදාළව උසස් ප‍්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරතවූ ආචාර්ය මහාචාර්යවරුන් 200 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
2001 වසරේ ආරම්භ වූ විද්‍යාත්මක ප‍්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන ප‍්‍රදානෝත්සවයේ 10 වන අවස්ථාව මෙය වන අතර ජාතික පර්යේෂණ සභාව විසින් එය සංවිධානය කරනු ලබයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජානක ද සිල්වා, විධායක ලේකම් මනීෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.