ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (12) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශී‍්‍ර ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන අතර රටවල් 42ක විදේශීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 250 කට වැඩි පිරිසක් ඊට එක්ව සිටී.
ළමා රෝග පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ දැනුම හුවමාරු කර ගැනීම, පරික්ෂණයන් හෙළිදරව් කිරීම සහ ප්‍රමිතින් හඳුනාගැනීම මෙම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ.
ශී‍්‍ර ලංකාවේ ළමා රෝග පිළිබඳව වෛද්‍ය විද්‍යා ආයතනය සමුළුව සඳහා පහසුකම් සපයයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ළමා සෞඛ්‍ය හා ළමා රෝග පිළිබඳව ගෝලීය කොංග්‍රසයේ සභාපති වෛද්‍ය Manuel Katz, ශී‍්‍ර ලංකා ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ආසියානු පැසිපික් ළමා සංගමයේ මහලේකම් වෛද්‍ය Ismail Zulkifli, ශී‍්‍ර ලංකා ළමා රෝග වෛද්‍ය විද්‍යා ආයතනයේ ලේකම් නවෝදා අතපත්තු යන මහත්ම මහත්මීන් ද, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආසිරි අබේගුණවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.