යහපාලන රජයේ 2018 වර්ෂයට අදාළ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.


ඒ අනුව දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58 ලැබුණි. පුරාදින හයක් පැවැති එම දෙවැනි වර කියැවීමේ විවාදය අවසන් කරමින් ඊයේ (16) සවස 5.25ට ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 72 වැනි අය-වැය ලේඛනය මෙය වන අතර, දෙවැනි වර කියැවීමේ විවාදය පසුගිය 10 වැනිදා ආරම්භ විය විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාද අද සිට ආරම්භ වන අතර එය දෙසැම්බර් 09 වැනිදා දක්වා දින 18ක් පැවැත්වේ.