අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා එහි සිට අද (30) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබාදුන් අතර විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සහ ඔවුන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව යෙදවීමට ද උපදෙස් දුන්නේය.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට මුහුණදී ඇති ධීවරයින් ඇතුළු පිරිස් සිටීනම් ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
හදිසි අපදා තත්ත්වයෙන් විපතට පත්වූ පවුල්වලට මූලික වශයෙන් රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට රජය මේ වන විට තීරණය කර ඇත.
මේ අතර මෙම සහන කටයුතු පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.