ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මැතිතුමාගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන 2017 දෙසැම්බර් මස 11 දින පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ 2016 අගෝස්තු මස 04 වන දින සිට බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාරව සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරීන් පත්කළ යුතු අතර මේ වන විට දිවයින පුරා පොදු අධිකාරීන් විසින් 3000 කට ආසන්න තොරතුරු නිලධාරීන් සංඛ්‍යාවක් පත්කොට ඇත. එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එක්ව තොරතුරු නිලධාරීන් සඳහා මූලික දැනුවත්කිරීම් සිදුකර ඇති අතර පුහුණුකරුවන් වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 150 කට ආසන්න ප්‍රමාණයක් පුහුණු කර ඇත.