බස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන අද (11) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්වීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ 2016 අගොස්තු මස 04 වැනි දින සිට බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙහි 3 වැනි වගන්තිය ප්‍රකාරව සෑම අධිකාරීන් විසින්ම තොරතුරු නිලධාරින් පත්කළ යුතුය.
ඒ අනුව මේ වන විට දියිනපුරා පොදු අධිකාරීන් 3000කට ආසන්න තොරතුරු නිලධාරීන් සංඛ්‍යාවක් පත්කර තිබේ. එසේම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශය සහ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එක්ව තොරතුරු නිලධාරීන් සඳහා මූලික දැනුම්වත් කිරීම් සිදු කර ඇති අතර පුහුණුකරුවන් වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 150කට ආසන්න ප්‍රමාණයක් පුහුණු කර ඇත.
මෙම වැඩසටහන සඳහා නිලධාරින් 1200ක් පමණ පිරිසක් එක්ව සිටියහ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) රමණී ගුණවර්ධන මහත්මිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, තොරතුරු කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ චමින්දි සපරමාදු මහත්මිය, ලෝක බැංකු නියෝජිත ෆේබියස් සෙයිඩර් මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
{jathumbnail off}