තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.
ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.
ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භකර වසර හැටක් සපිරීම සමරමින් මැලේසියා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ මිත‍්‍රත්වය විදහා දක්වමින් මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් කෙටි උත්සවයක් ද ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.
නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

02.jpg nggid049699 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

03.jpg nggid049700 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

01.jpg nggid049698 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

05.jpg nggid049702 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

08.jpg nggid049705 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

09.jpg nggid049706 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

13.jpg nggid049710 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

14.jpg nggid049711 ngg0dyn 320x210x100 00f0w010c011r110f110r010t010

{jathumbnail off}