ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී.

ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ.

එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි.