ආචාර්ය පතිරාජයන්ගේ නිර්මාණාත්මක මඟ පෙන්වීම රටට අවැසි මොහොතක, වියෝවීම රටට සිදුවූ ඉමහත් පාඩුවක් බව අභාවප්‍රාප්ත මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.
ශෝක පණිවුඩය
හෙළ සිනමාව නව මාවතකට ප්‍රවිෂ්ඨ කළ විශිෂ්ඨම නිර්මාණ කරුවෙක් වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත සැලවීමෙන් මා ඉමහත් කම්පනයට පත්විමි.
හෙළ සිනමාවේ වම්ඉවුර නියෝජනය කළ ප්රබලතම සිනමාවේදියා වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ අභාවය සිංහල සිනමාවට පමණක් නොව ජාත්‍යන්තර සිනමාවේ ප්රගමනයට ද සිදුවූ බරපතල පාඩුවකි.
සිය නිර්මාණ තුලින්, සමාජයේ හෘද ස්පන්දනය මැනවින් හඳුනාගත් ආචාර්ය පතිරාජ මහතා, ඒ තුළින් සමාජයට, දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික කියවීමත් සමාජගත කරන්නට සමත් විය. සිනමාව පිළිබඳ වූ තම දැනුම, දෙස් විදෙස්, විශ්ව විද්‍යාල රැසකින් තවත් පරපුරකට උරුමකර දුන් ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිය දැනුම න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගිකව ලබාදීමට කටයුතු කළේය. සිංහල, දෙමළ මාධ්‍ය ද්විත්වයෙන්ම සිනමාකරණයේ නියැලූන ආචාර්ය ධර්මසේන පතිරාජයන්, ජාතික සංහිදියාව සඳහා සිය නිර්මාණ තුලින් මෙන්ම, භාවිතාව තුළින්ම ක්‍රියාකළ මානව හිතවාදියෙකි.
සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව යන ක්ෂේත්‍ර තුනෙහිම විශිෂ්ඨතා සලකුණු කළ ආචාර්ය පතිරාජයන්ගේ නිර්මාණාත්මක මඟ පෙන්වීම රටට අවැසි මොහොතක, වියෝවීම රටට සිදුවූ ඉමහත් පාඩුවකි.
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අභාවයෙන් ශෝකයට පත්වූ පතිරාජ මහත්මිය ඇතුළු දරු දෙදෙනාටත්, පවුලේ ඥාතින් සැමටත් මාගේ බලවත් සංවේගය පුදකරමි. අභාවප්‍රාප්ත ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය