ශ්‍රී ලංකා රජයේ යහපාලන ප්රයත්නයන් අගයනු වස් ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31 ක(ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.8 ක) ප්‍රදානයක් සිදු කැර ඇත.
ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, යහපාලන ආණ්ඩුව මඟින් වසර හතරක් පුරාවට ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධනය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියනක 31ක ප්‍රදානයක් මෙසේ ලබා දී තිබේ.
මේ සඳහා වන පාලිත ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඊයේ (30) අත්සන් තැබිණි.
මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා වන ප්රයත්නය සඳහා සහය දැක්වීම මෙන්ම දුප්පත්කම සහ විසමතාවය අවම කිරිම වෙනුවෙන් ආර්ථික වර්ධනයේ ප්රතිලාභ බෙදාහැරීම සඳහා සහයෝගය දැක්වීමට අරමුණු කොට ගෙන ඇත. එසේම, මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා රජයේ ජාතික‚ පළාත් සහ ප්‍රාදේශීය මට්ටම් හි සංගෘහිත ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රතිපත්ති සැකසීමේ සහ බෙදාහැරීමේ ශක්‍යතාවය සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දක්වනු ඇත.
මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඇතැම් ක්‍රියාකාරකම් යටතට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ජාතික ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලෝක බැංකුව සමඟ සිදු කිරීමට නියමිත සහයෝගය දැක්වීම මෙන්ම කාන්තාවන් සහ අබාධිත පුද්ගලයන් ද ඇතුළුව පළාත් සභා සහ පළාත් පාලන ආයතන පොදු මහජනතාව වෙත ලබා දෙනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහත නැංවීම සහ අදාළ ආයතනයන්හි ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආසියානු පදනම සමඟ සිදු කිරිමට අපේක්ෂිත ක්‍රියාකාරකම්ද ඇතුළත් වේ.
තවද, ශ්‍රී ලංකාවේ ආර්ථික තීරණ ගැනීමේ සහ රාජ්‍ය සේවාවන් ලබාදීම සම්බන්ධයෙන් වන ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා දායකත්වය දක්වනු ලබන ඒකාබද්ධ පර්යේෂණ වැඩ සටහන් සහ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු ආයතනික සැබැඳියාවන් ඇති කිරීම සඳහාද, මෙම වැඩසටහන මඟින් අවස්ථා සලසා දෙනු ඇත.
මෙම වැඩසටහනේ සමස්ත උපායක්රමික කළමණාකරණ වෙනුවෙන් දායකත්වය දැක්වීම මඟින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහනේ මූලික ශ්‍රී ලාංකික පාර්ශ්වය ලෙස කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර පවතින පුළුල් සංවර්ධන සහයෝගීතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි වැඩසටහන්, ශ්‍රී ලංකා රජයේ ජාතික අභිමථාර්ථයන් සමඟ පූර්ණ වශයෙන් එකඟ වන බැවින් සහ සංවර්ධනය වෙනුවෙන් වන පොදු දැක්ම නිරූපනය වන බැවින් අදාළ වැඩසටහන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ අවධානයක් යොමු කර ඇති බවට ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
අදාල ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchessonමහතා ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් අදාළ ගිවිසුමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී 2018 ජනවාරි 30 වැනි දින අත්සන් තැබීය.