පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.
එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත පසුගියදා නිල වශයෙන් පිළිගැන්වූ බව ද සඳහන්.
සමරු මුදල් නෝට්ටුවේ දිනය 2018.02.04 ලෙස සටහන් කර ඇති අතර එම නෝට්ටු මිලියන 05ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 04 වැනි සමරු මුදල් නෝට්ටුව බව ද පැවසේ.
සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000/-ක වටිනාකමින් යුතු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ හා සමාන වන අතර,සමහර සලකුණු පමණක් වෙනස්කර ඇත.