සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා අපේ මව්බිම පෙළගැසී සිටින මේ මොහොතේ එම නිදහසට එරෙහි දූෂණය, අල්ලස, හොරකම සහ නාස්තිය පිටුදැකීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
සෑම දේශපාලනඥයෙකුම තමාගේ වගකීම් ඉටුකිරීමේදී කි‍්‍රයාවෙන්ම එම ආදර්ශය ලබාදීම අත්‍යාවශ්‍ය යුග මෙහෙවරක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අභිමානවත් 70 වන නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.
නිදහස ලබා වසර හැත්තෑවක් තුළ අප ලබා ඇති අත්දැකීම් ඇසුරින් රටේ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනා ගැනීමේ වැදගත්කම හුවා දැක්වූ ජනාධිපතිතුමා සංවර්ධනයේ දී පෞද්ගලික න්‍යාය පත්‍ර කි‍්‍රයාත්මක කිරීම මගින් රටට අයහපත් ප්‍රතිඵල අත් වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
දේශපේ‍්‍රමීත්වය යන්න විවිධ යුගවලදී විවිධාකාරයෙන් අර්ථගැන්වී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමානයේදී සැබෑ දේශපේ‍්‍රමීත්වය යනු මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද කියා සිටියේය. ඒ සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ආර්ථික සමෘද්ධිය සහ සෞභාග්‍ය අත්පත්කර ගැනීම සෑම පුරවැසියෙකුගේම අභිලාෂය බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා රාජ්‍ය තන්ත්රය තුළ ප්‍රතිසංස්කරණ විශාල වශයෙන් අවශ්‍ය වන බවත්, ඒවා සාර්ථක කර ගැනීම සදහා සමස්ත රාජ්‍යය මෙන්ම පෞද්ගලික අංශය අත්වැල් බැඳ ගතයුතු බවත් පැවසීය.
සැබෑ නිදහස අර්ථවත්වීමට නම් පුද්ගලයාගේ පමණක් නොව ස්වභාවධර්මයේ ද නිදහස ආරක්ෂා කරමින් පරිසරය සහ පුද්ගලයා අතර මනා සමතුලිතතාවයක් ගොඩනගාගත යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බි්රතාන්යයට කරන ලද ආරාධනය ඒ වගේම ගෞවරනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්රතාන්ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයාණෙනි, අපේ ආරාධනය පරිදි පැමිණි සියලුම විදේශීය රටවල ගෞරවනීය නියෝජිතවරුනි, ගරු අග්රාමාත්යතුමනි, ගෞරවනීය විනිශ්චයකාරතුමනි, නීතිපතිතුමනි, ගෞරවනීය මැති ඇමතිවරුනි, ශී‍්‍ර ලංකාව නියෝජනය කරන විදේශීය තානාපතිවරුනි, සියලුම ආරාධිත අමුත්තනි, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මියනි, මාගේ ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි,
අප අද ඉතාමත් ගෞවරයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා අනාගත ප්රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු අපට තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයක්, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ රටේ පොදු මහජනතාව ඒ සියල්ල සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.
බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට, වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා ඔවුන් පරාජයට පත්කිරීමට අපට වසර 26 ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ ආර්ථික පසුබෑමක් මෙන්ම විවිධ ක්ෂේත්රවල ජාතියේ ප්රගමනය සඳහා ගෙන ගිය ප්රබුද්ධ වූ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා. එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් ශ්‍රේෂ්ඨ වූ ඒ මහා කතාවෙන් අපට තිබෙන අත්දැකීම් ජාතියට ඇතිවී තිබෙන ජීව ගුණය ඒ සියල්ල සමග අපට අපේ අනාගතය සඳහා අප ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්රවල විද්වතුන් සමග රටේ පොදු මහජනතාව ඒ සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.
අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවාද, ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක්ද, හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමග අනාගතය ගොඩනගා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්රගමනය සඳහා ප්රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලුදෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළයුතු වෙනවා. අද ඔබ අප කවුරුත් දන්නා පරිදි අපට ආර්ථික වශයෙන් අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගී භාවය, ප්‍රබල වූ අභියෝගයක්.
මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස්වීම සඳහා විවිධ ව්‍යාපෘතින් කි‍්‍රයාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් ප්‍රතිඵල සුබදායී ලෙස තිබෙන්නා සේම අපි ඒ අතීත අත්දැකීම් සමග නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් අප විසින් ඉටුකළයුතු වෙනවා. එහිදී මා විශ්වාස කරනවා දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය අපට ඉදිරියේදී ජයගත හැකියි කියා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට කනගාටුවෙන් වුවද කිවයුතු වෙනවා සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්රයන් තුළ අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කරන ලද සංවර්ධනය ඇතැම් වෙලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය රාජ්‍ය පරිපාලනය කළමනාකරණය මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.
ඒ වගේම අපේ රට උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් අදට වඩා ශක්තිමත් කළයුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ රටක. එය අප විසින් කළයුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළයුතු වෙනවා. මෙහිදී අධි තාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථීකය, හරිත ආර්ථීකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.
නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යයි යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසී මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළයුතු වෙනවා. ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් ඒ වගේම වේගවත් සංවර්ධනයක් විනයක් ඇති පරිපාලනයක් මේ සඳහා අප ඒ රෙගුලාසි සංශෝධනය කඩිනමින් කළ යුතු වෙනවා.
ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමුකළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපතිධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමග මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිලිව දකිනවා.
සංවර්ධනයේ අභියෝග ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජයගැනීමේදී පැහැදිලි ලෙසම දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය ඉතාමත් වැදගත් වෙනවා. මේ අවංකභාවය තුළයි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ. ඒ නිසා දේශපාලනඥයින් තුළ තිබියයුතු කැපවීම, අවංකභාවය, නොකිලිටිභාවය, පිරිසිදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දකිනවා, මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා.
මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍යයි ඔබ අප කවුරුත් දන්නවා. සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැතිබව, නිදහස පිළිබඳ කථා කරනව විට අප සෑමවිටම සිතාගතයුතුයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨාන කරගතයුතුයි. අපි සැමවිටම සැබෑ නිදහස යන්න මිනිසෙකුගේ නිදහස පමණක් නොව එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, එහි තිබෙන්නාවූ ඉතාම ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළයුතුයි.
නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමග සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවයන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.
විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි මෙන්ම ඒ දැනුම ලබාගැනීමත් සමග අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයක් බිඳ නොහෙළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක්. වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන් ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප අපේ මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා. මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි.
දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ, එසේම මා මෙහිදී හඳුන්වන්නේ. අපේ ශ්‍රේෂ්ඨ මව්බිම මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යාවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.
අප කුසීතකමෙන්, අලසකමනේ පසුබෑමෙන් තොරව කාර්යක්ෂමව එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමිත්වයෙන් අපි අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා සෑම කෙනෙක්ම කැපවීමේ අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.
අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමග මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කරමින් ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනකොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළයුතු වෙනවා.
ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යාවශ්‍ය බවයි මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්රයකම ප්‍රධානින්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ. අද මූලික වශයෙන්ම දේශපේ‍්‍රමිත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශපේ‍්‍රමිත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශපේ‍්‍රමිත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.
දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිලිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසිදු, නොකිලිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්. බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්රවල විද්වතුන් ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් සාමූහික ප්රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවනීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.
අද මේ ඉතාමත් වැදගත් අවස්ථාව, ගෞරවනීය අවස්ථාව, ජාතියේ අභිමානවත් අවස්ථාව මෙහිදී අප අමතක කළ යුතු නෑ අපේ රට බෙදන්නට විශේෂයෙන්ම එල්ටීටීඊ ම්ලේච්ඡ ත්රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන්ගේ අවයව අතපය අහිමි කරමින්, ආබාධිත වෙමින් ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත ඇතැම් විට අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ඔවුන් ජාතියේ අනාගතය සඳහා ජාතියේ නිදහස සඳහා මේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිත්වය සඳහා ඔවුන් සටන් කරනු ලැබුවා.
ඒ නිසා මම මේ හැත්තෑවන නිදහස් දින සැමරුම් උළෙලේදී විශේෂයෙන්ම මම රජයේත්, ජනතාවගේත් ගෞරවනීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සියලු දෙනා සඳහාත් ඒ යුද්ධය පැවති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව ඒ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා සේම විශේෂයෙන් අද මේ හැත්තෑවන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම වගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් අපේ ජාතියේ අනාගතය සඳහා දුගී භාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමින් ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ නව අධි තාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.
{jathumbnail off}