රට ජාතිය ආගම වෙනුවෙන් මෙන්ම මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ අපවත් වූ වදාළ බෙල්ලන්විල රජමහ විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08) රාජ්‍ය අනුග්‍රහය සහිතව සවස 3.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කෙරේ.
මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරමින් බුදු දහම වෙනුවෙන් විශාල බෞද්ධ ග්රන්ථ රාශියක් ලියා ඇති බෙල්ලන්විල නාහිමියෝ මෙරට පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කරමින් දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය දිනාගනිමින් බෙල්ලන්විල මහා පෙරහැර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සිදු කළහ.
අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක් ඉටු කළහ. සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සමාජය අවධි කළහ.
මෙරට පිරිවෙන් අධ්‍යපානයට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සිටුවීමට මහත් සේ කැපූ වූ උන්වහන්සේ අපවත් වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් සුවිශාල සේවාවක් සිදු කරමින් සිටියහ.
මේ වන විටත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය,ආගමික නායකයින්, ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතුළු මැති ඇමැතිවරුන්, විද්වතුන්, කලාකරුවන් , දේශපාලඥයින් මෙන්ම බෞද්ධ ජනතාව ඇතුළු අති විශාල ජනකායක් එම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිති.
හදිසි අනතුරකට ලක්ව ශල්‍යකර්මයක් සිදු කිරිමෙන් අනතුරුව රෝහල්ගතව සිටිය දී උන්වහන්සේ අපවත් වූ අතර අපවත් වන විට උන්වහන්සේ 76වන වියේ පසුවිය.