සමහර රටවල් ණය ආපසු ගෙවීමේදී සමහර නීතිරීති නිසා ගැටලුවලට මුහුණපානවා. එය වැදගත් පණිවිඩයක් ලෙස ඉදිරිපත් කිරීමට අපට පුළුවන්.
දැන් පවතින අන්තර්ජාතික මූල්‍ය පසුබිම යටතේ අපගේ සර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආයතන තව දුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම කළ යුතුයි.
සංවර්ධනය වෙමින් පවතින අප රට වැනි රටවල්වලට මුහුණදීමට සිදු වී තිබෙන ණය කළමනාකරණය සහ තිරසාරභාවය ඇති කර ගැනීම යන අභියෝගය ජයගන්නට ජී- 24 කණ්ඩායමේ තාක්ෂණික කමිටු සැසියේ දී විසඳුම් කතිකා විය යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ සහායවීමට රටවල් 24 (ජී-24) කණ්ඩායමේ සාමාජික රටවල මූල්‍ය අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (27) උදේ ඇරැඹි සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.
ජී 24 කණ්ඩායමේ සභාපතීත්වය උසුළන මංගල සමරවීර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වසර 2018 සඳහා සිය දළ මූල්‍යකරණ වාර්තාව එළිදැක්වූවා. එම වාර්තාවට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආදායම් අනුව සලකා බලා මැදි ආදායම්ලාභී රටවල් ලෙස නම් කිරීමක් කළා. මේ රටවල ආර්ථිකය සියයට 04 සිට සියයට 43 දක්වා ඉහළ නංවාලීමට යෝජිතයි. ඒ සඳහා අඩුම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 10.4 ක පංගුවක් හිමිවිය යුතුයි.
බොහෝ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් තුළ මේ හිඟ ණය ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නොමැතිව පවත්වාගෙන යනු ලැබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ඉදිරි වසරවල දී එවැනි අවදානම්වලට මුහුණපාන බව පැහැදිලියි.
ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළවල මෙය නොනවතින වර්ධනයක් නිසා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත්කළ අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය, තිරසාර සංවර්ධනය පිළිබඳ නව රාමුවක් සකස් කළහ.
මේ නව රාමුව මේ වසර මැදදී ක්‍රියාත්මක කරනු ලබයි. එමඟින් රටවල් සඳහා මූල්‍යමය හා සංවර්ධනමය කාර්යයන් සිදුකිරීම සඳහා උපකාර හිමි වේ. මේ නව රාමුව තුළින් ඉදිරි කාලය තුළ දී අතිරික්ත ණය රැස් කිරීමේ දී ඇති වන අවදානම අවම කර ගැනීමට සහාය හිමිවේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය නිරීක්ෂණයට අනුව සංවර්ධනය වෙමින් පවතින අඩු ආදායම්ලාභී රටවල් කණ්ඩායම් ගතකර තිබෙනවා. 2016 වන විට 90% කට වැඩි රටවල් ප්‍රමාණයක දළ දේශීය නිෂ්පාදන මට්ටමේ ණය ප්‍රමාණය 30% දක්වා පැවතුණි.
කෙසේ වෙතත් රජයේ ආදායම් ප්‍රතිශතය එම කාණ්ඩයේ රටවල් අතර සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% කි. ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3% ක ප්‍රමාණයක් පවතී. කෙසේ වෙතත් අපනයනය ප්‍රාථමික නිෂ්පාදකයන් තුළ රඳා පවතී.
සමහර රටවල් ණය ආපසු ගෙවීමේදී සමහර නීතිරීති නිසා ගැටලුවලට මුහුණපානවා. එය වැදගත් පණිවිඩයක් ලෙස ඉදිරිපත් කිරීමට අපට පුළුවන්. දැන් පවතින අන්තර්ජාතික මූල්‍ය පසුබිම යටතේ අපගේ සර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආයතන තව දුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම කළ යුතුයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා මේ සමුළුවට එක් වූ සැමට සුබ පැතුවේය. සාර්ථක කතිකාවක් ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අභියෝග ජය ගන්නට අප සැමට හැකිවේවායි ප්‍රාර්ථනා කෙළේය.
මේ දෙදින සමුළුවට මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජී - 24 කණ්ඩායම් කාර්යාංශයේ ලේකම්වරිය ප්‍රධාන රටවල මහ බැංකු, මුදල් අංශ ප්‍රධානීහු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
{jathumbnail off}