ජපානයේ සාර්ථක රාජ්‍ය සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි, 2018-03-06 දින ප්‍රකාශයට පත්කෙරුණු හදිසි අවස්ථා පැවැත්වීමේ ප්‍රකාශනය 17 මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව 17 මධ්‍යම රාත්‍රියේදී මේ සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2062/50 දරන අති විශේෂ ගැසට් ප්‍රකාශනය නිකුත් කරන ලදී.
ජනාධිපති මාධ්‍ය අංශය
2018-03-18