යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යා‍ලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උතුරු පළාතේ උපාධිධාරින් සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (19) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් එහිදී ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් සහ විද්‍යා‍ලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

JAFFNA

f407c9c7c02c9cd5356b88867fdbbb20 L

{jathumbnail off}