ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත පාසල් සිසුන් අට දෙනා වෙත රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.


ලබන මැයි මස 05 සිට 13 දින දක්වා වියට්නාමයේ පැවැත්වෙන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා මාතර සුජාතා විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් සිසුන් අට දෙනෙක් සහභාගී වීමට නියමිත වේ.
එම සිසුන් සමග ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.