නාගරික සංවර්ධන අධිකාරියේ 2017 වසරේ කාර්ය සාධනයේදී විශිෂ්ටතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමේ “පුරවර හරසර” සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

විශිෂ්ටතා දැක්වූ අංශ සහ ප‍්‍රාදේශීය කාර්යාල වෙත සම්මාන හා සහතික පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන සැලැස්ම ද මෙහිදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එන්. රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.