ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි ලෝක සෞඛ්‍ය දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
1948 වසරේ ස්ථාපිත කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලෝක ජනතාවගේ යහපත් සෞඛ්‍ය සහ නිරෝගීතාව ඉහළ නැංවීමයි. දශක ගණනාවක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය අනෙකුත් ලෝක කොටස්කරුවන් සහ ආධාර ලබාදෙන ආයතන සමගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම සඳහා මාතෘ හා ළමා සෞඛ්‍ය, පෝෂණය සහ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම ආදි විවිධ මංපෙත් යටතේ අනලස්ව සහයෝගය ලබාදෙමින් සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් සෑම වසරකම අපේ‍්‍රල් 07 වනදා ලෝක සෞඛ්‍ය දින සැමරුම උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීම රටට අන්තර්ජාතික වශයෙන් අත්කරදුන් මහත් කීර්තියක් ලෙස සැලකේ.
“සෑම තැනම සෑම පුද්ගලයාම සඳහා විශ්ව සෞඛ්‍ය ආවරණය” යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු එහි නියෝජිතයින් සහ රටවල් 12 ක සෞඛ්‍ය ඇමතිවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේදී සැමරීම සංකේතවත් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඊ-හෙල්ත් කාඞ් පත නිකුත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරුණු අතර ජාතික සෞඛ්‍ය රූපවාහිනි නාලිකාව වන Life TV නාලිකාව දියත් කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඞ්රොස් අධානම් ගේබ්‍රියේසස් (Dr Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් චෙට්ට්‍රපාල් සිං යන මහත්ම මහත්මීන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මෙම සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඞ්රොස් අධානම් ගේබ්‍රියේසස් (Dr Tedros Adhanom Ghebreyesus) මහතා ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග්‍රහයක් ද 06 දින රාති‍්‍රයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.