මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය හා එක්ව මාසිකව නිල පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.


මෙම නිල පුවත්පත එලිදැක්වීමේ උත්සවය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රජයේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018.04.27 දින පෙ.ව 10.00ට ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.