2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ‍්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.


ශ‍්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා සියලුදෙනා වෙත තම ස්තූතිය පිරිනැමීය.

එමෙන්ම ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ද සිය සුභාශිංසන පළ කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම සහයෝගය ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

කී‍්‍රඩාව විනයෙන් හික්මීමෙන් යුත් යහපත් මිනිසෙකු නිර්මාණය කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා යහපත් සමාජයක් කරා යන ගමනේදී කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ද ඉටුකළහැකි සෑම වගකීමක්ම ඉටු කරන බව කියා සිටියේය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ජේ. ඒ. සී. ලක්මාල් සහ බී. ඩී. හංසනී ගෝමස් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා ඉතිහාසයේ මුල්වරට ශ‍්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු කී‍්‍රඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම මේ සඳහා දායක වූ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම්. හාරිස්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. බී. පී. හේරත් යන මහත්වරුන් ද පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ කී‍්‍රඩා සංගම් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.