ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම අමාත්‍යාංශයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඊයේ(26) පිළිගැන්විණි.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, කේ.ඩී. රණසිංහ, සී.ජේ.පී. සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය සී. අමරසේකර සහ ඩබ්ලියු.ඒ. දිල්රුක්ෂිණී යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වූහ.