අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ.
ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතේ එතුමන් සිනමා ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආදාහන කටයුතු පැවැත්වෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.