2018 රාජ්‍ය නර්තන සම්මාන උළෙල අද (04) ප.ව.2.00ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.


උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය විසින් සම්මාන උළෙල සංවිධානය කරයි. තරග ශිර්ෂ 51ක් යටතේ සම්මානලාභීන් 35 දෙනෙකු වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය පැවැත්වෙන අතර, “නර්තන තිලක” සම්මාන ද්විත්වය වෙනුවෙන් එස්.පී. කවිසේන මහතා සහ වසන්ති කුංචිතපාදම් මහත්මිය නිර්දේශ වී ඇත.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා, විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙවර රාජ්‍ය නර්තන සම්මාන උළෙල පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවසීය.