විදේශ ආයෝජන ලබාදීමේ දී ඉතාම ආකර්ෂණීය ක්‍රමවේදයක් ඉදිරිපත් කළ අතර, කාටත් සාධාරණව හා විනිවිද භාවයෙන් ක්‍රියා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හොඳ අවස්ථාවක්.

නව දේශීය ආදායම් පනතින් රටට විදේශ ආයෝජන ලබාගැනීමේ ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් දක්වා ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

නව බදු ප්‍රතිපත්තිය තුළින් රටේ නීතිමය රාමුව කාටත් එක හා සමාන බවත්, දැන හැඳුනුම්කම් මත කලින් කලට තෝරාගත් පුද්ගලයන්ට බදු සහන ලබාදීමක් සිදු නොකරන බවත් ඇමැතිවරයා කිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.

ඇමැතිවරයා මෙසේද කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් කාලවකවානුවක ඔබ සමඟ අදහස් හුවමාරු කරගැනීම තුළින් අපිට වඩාත් ඵළදායී සේවයක් ජනතාව වෙත ගෙන යාමට හැකි වනවා නියතයි. අපි හඳුන්වා දුන්න අඵත් දේශීය ආදායම් පනත රට තුළ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් සති කීපයක් පමණක් ගතවුණා. එවැනි සංක්‍රාන්ති අවධියක් ගත කරන අවස්ථාවක මං හිතන්නේ රජයක් විදියට අපි සැම අළුත් අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටිනවා. ඇත්තෙන්ම ගැටලු ඇතිවීමත් අපගේ ක්‍රියාදාමයේ සාර්ථකත්වයේ ලක්ෂණයක් විදියට මා නම් දකිනවා. මොකද අලුත් විදියකට ක්‍රියාත්මකවීමේ දී තමයි පැවතුන යල්පැනගිය ක්‍රමවේදයන් ප්‍රශ්න කිරීමකට ලක්වෙන්නේ. එතෙන්දි අපේ කටයුතු සාර්ථක වෙන්න නම් මේ ඇතිවන ප්‍රායෝගික ගැටලුවලට නිර්මාණශීලි පිළිතුරු සොයා ගනිමින් කටයුතු කරන්න සිදුවෙනවා.

ඇත්තෙන්ම මං මතක් කරන්න කැමතියි මාස ගණනාවක් මහන්සිවෙලා අපි 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ඇතිව සම්මත කරගත්තේ ඔබතුමන්ලා සියලු දෙනාගේ දැඩි උනන්දුව හා කැපවීම මත බව. මෙහි දී අපේ ප්‍රධාන අරමුණක් වුණේ දිගින් දිගටම අඩුවෙමින් පැවතුන රාජ්‍ය ආදායම යම් ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා ඒ තුළින් රජයට ලැබෙන ආදායම රටේ පොදු සුබසාධන කටයුතු සඳහා සිදු කරන වියපැහැදම් වඩාත් කාර්යක්ෂමව යොදා ගන්න.

ඒ වගේම අපි කවුරුත් දන්නවා වර්තමාන ඍජු සහ වක්‍ර බදු අතර තියෙන අනුපාතයන් හැදිලා තියෙන්නේ ඍජු බදු නොගෙවන පොදු ජනතාවගේ කරමතට විශාල බරක් පැටවෙන විදියට බව. එතනදි වක්‍ර බදු වශයෙන් එදිනෙදා පරිභෝජනයට ගන්නාබඩු භාණ්ඩ සඳහා රටේ පොදු ජනතාව 82% ක් පමණ දායකත්වය ලබාදෙන බව අපි දන්නවා.ඒක නිසාම නව දේශීය ආදායම් පනතෙන් ඍජු බදු 40% දක්වා වැඩිකර වක්‍ර බදු 60% දක්වා අඩු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ ඔබතුමන්ලා වෙත බව මං මතක් කරන්න කැමතියි. එතනදී මේ ජාතික වගකීමක් විදියට සලකළා අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කළොත් අපි බලාපොරොත්තු වන ඉලක්ක සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඉතාම ඉක්මණින් අත්පත් කරගන්න පුළුවන් වන බව නිසැකයි. මොකද මේ අළුත් පනත බදුවලට විතරක් සීමාවෙලා නැහැ.

මේ පනතින් රටට විදේශ ආයෝජන ලබාගැනීමේ ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. එතනදි උතුරු නැගෙනහිර පළාත්වලට ඒ කියන්නෙ යුද්දෙන් බැට කාපු පළාත්වලට විදේශ ආයෝජන ලබාදීමේ දී අපි ඉතාමත් ආකර්ෂණීය ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහි දී මං කියන්න කැමතියි මීට කලින් හිතුමනාපයට එක් එක්කෙනාගෙ එහෙම නැත්නම් බලය හිමි අයගෙ ඕනෑ එපාකම්වලට අපිළිවෙළට ක්‍රියාත්මක කරපු ආයෝජන ප්‍රතිපත්ති වෙනුවට ලැබෙන ආයෝජන ප්‍රමාණය අනුව නීතිමය රැකවරණයක් ඇතුව රටට ලබාගැනීමට මේ පනතින් සහන සලසලා තියෙනවා.

ඒ වගේම මුදල් ඇමතිවරයාට බදු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තිබුණු විශාල බලතල ප්‍රමාණයක් අළුත් පනතින් ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව වෙතට දැන් ලැබිලා තියෙනවා. එවැනි ප්‍රතිපත්තියක් තුළින් රටේ නීතිමය රාමුව කාටත් එක හා සමාන බවත්, අපි දැනහැඳුනුම්කම් මත කලින් කලට තෝරාගත් පුද්ගලයන්ට බදු සහන ලබාදීමක් සිදු නොකරන බවත් මා කියන්න කැමතියි. ඒ තුළින් කාටත් සාධාරණව හා විනිවිද භාවයෙන් ක්‍රියා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතා හොඳ සේවයක් ඔබතුමන්ලා ඉදිරි කාලයේ දී ලබාදෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

නව බදු පනත ගැන ඔබතුමන්ලාගේ දෙපාර්තමේන්තුව ඉතා සාර්ථක මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින් දැනුවත්කරමින් බදු ගෙවීම ගැන මහජනයා අතර යහපත් ආකල්පයක් ගොඩනැඟිමත්, ඒ වගේම එය පුරවැසි වගකීමක් ලෙස මතයක් ඇති කිරීමටත් පුළුවන්. ඒ අපේ අරමුණු සාර්ථක වන බව පැහැදිලියි. මොකද මං දන්න විදියට මේ රටේ සමහර ජනතාව බදු ගෙවීම අකමැත්තෙන් කරන මඟහැරිය හැකි නම් මඟහැරිය යුතු දෙයක් විදිහට තමයි දකින්න පුරුදු වෙලා ඉන්නෙ. ඒ පිළිබඳව ආකල්පමය වෙනසක් මේ මොහොතේ ඇතිකරගත යුතුයි.

2019 ජනවාරි මාසයේ 19 වෙනිදා ඉඳලා ශ්‍රීලංකාව ආර්ථික වශයෙන් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙනවා. මෙහිදී ජාත්‍යන්තර සංවිධාන සහ මූල්‍ය ආයතන අපේ රටේ ආර්ථික තත්ත්වය උසස් කිරීම නිසා අපිට අඵත් නීතිරීති සහ ක්‍රමවත් ආයතන පද්ධතියක් තුළින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට සිදුවෙනවා. ඒ සඳහා දැනට යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මං විශේෂයෙන් මතක් කරන්න කැමතියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන RAMIS ක්‍රමය ස්ථාපිත කිරීමත්, විදේශ සංචාරකයන් මේ රටෙන් පිටවෙලා යන කොට ගුවන් තොටුපළේ දී VAT බදු ප්‍රතිපූරණය කිරීමේ පහසුකම් සැලසීමත්, අපිට ක්‍රියාත්මක කරන්න තියෙන වැඩසටහන් දෙකක්. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් අපිට ඉතා ඉක්මන් ආර්ථික වර්ධනයක් ලබාගන්න හැකි වෙන බව නිසැකයි.

ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවත්, කොමසාරිස්වරුන්ගේ සංගමයත් මේ අලුත් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න දිගටම සහයෝගයක් ලබාදෙන බව මට විශ්වාසයි කියලා. ඇත්තෙන්ම අපිට අවශ්‍ය කරන්නේ රජය පොහොසත් කිරීම තුළින් පොදු මහජනතාව වෙත අවශ්‍ය ඕනෑම අවස්ථාවක ස්වභාවික උපද්‍රවයක්, ඕනෑම ව්‍යසනයක දී, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි පොදු සැපයීමක දී තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට ශක්තියක් මේ බදු ආදායම් හරහා රජය ඇතිකර ගැනීමයි. ඒ තුළින් පොහොසත් ජනතාවක් ඉන්න දුප්පත් රජයක් වෙනුවට පොහොසත් ජනතාවක් ඉන්න පොහොසත් රජයක් බිහිවන බව නිසැකයි.

 

විදේශ ආයෝජන ලබාදීමේ දී ඉතාම ආකර්ෂණීය ක්‍රමවේදයක් ඉදිරිපත් කළාකාටත් සාධාරණව හා විනිවිද භාවයෙන් ක්‍රියා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හොඳ අවස්ථාවක්.නව දේශීය ආදායම් පනතින් රටට විදේශ ආයෝජන ලබාගැනීමේ ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් දක්වා ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.නව බදු ප්‍රතිපත්තිය තුළින් රටේ නීතිමය රාමුව කාටත් එක හා සමාන බවත්, දැන හැඳුනුම්කම් මත කලින් කලට තෝරාගත් පුද්ගලයන්ට බදු සහන ලබාදීමක් සිදු නොකරන බවත් ඇමැතිවරයා කිය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.ඇමැතිවරයා මෙසේද කීය.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් කාලවකවානුවක ඔබ සමඟ අදහස් හුවමාරු කරගැනීම තුළින් අපිට වඩාත් ඵළදායී සේවයක් ජනතාව වෙත ගෙන යාමට හැකි වනවා නියතයි. අපි හඳුන්වා දුන්න අඵත් දේශීය ආදායම් පනත රට තුළ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් සති කීපයක් පමණක් ගතවුණා. එවැනි සංක්‍රාන්ති අවධියක් ගත කරන අවස්ථාවක මං හිතන්නේ රජයක් විදියට අපි සැම අළුත් අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටිනවා. ඇත්තෙන්ම ගැටලු ඇතිවීමත් අපගේ ක්‍රියාදාමයේ සාර්ථකත්වයේ ලක්ෂණයක් විදියට මා නම් දකිනවා. මොකද අලුත් විදියකට ක්‍රියාත්මකවීමේ දී තමයි පැවතුන යල්පැනගිය ක්‍රමවේදයන් ප්‍රශ්න කිරීමකට ලක්වෙන්නේ. එතෙන්දි අපේ කටයුතු සාර්ථක වෙන්න නම් මේ ඇතිවන ප්‍රායෝගික ගැටලුවලට නිර්මාණශීලි පිළිතුරු සොයා ගනිමින් කටයුතු කරන්න සිදුවෙනවා.ඇත්තෙන්ම මං මතක් කරන්න කැමතියි මාස ගණනාවක් මහන්සිවෙලා අපි 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ඇතිව සම්මත කරගත්තේ ඔබතුමන්ලා සියලු දෙනාගේ දැඩි උනන්දුව හා කැපවීම මත බව. මෙහි දී අපේ ප්‍රධාන අරමුණක් වුණේ දිගින් දිගටම අඩුවෙමින් පැවතුන රාජ්‍ය ආදායම යම් ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා ඒ තුළින් රජයට ලැබෙන ආදායම රටේ පොදු සුබසාධන කටයුතු සඳහා සිදු කරන වියපැහැදම් වඩාත් කාර්යක්ෂමව යොදා ගන්න.ඒ වගේම අපි කවුරුත් දන්නවා වර්තමාන ඍජු සහ වක්‍ර බදු අතර තියෙන අනුපාතයන් හැදිලා තියෙන්නේ ඍජු බදු නොගෙවන පොදු ජනතාවගේ කරමතට විශාල බරක් පැටවෙන විදියට බව. එතනදි වක්‍ර බදු වශයෙන් එදිනෙදා පරිභෝජනයට ගන්නාබඩු භාණ්ඩ සඳහා රටේ පොදු ජනතාව 82% ක් පමණ දායකත්වය ලබාදෙන බව අපි දන්නවා.ඒක නිසාම නව දේශීය ආදායම් පනතෙන් ඍජු බදු 40% දක්වා වැඩිකර වක්‍ර බදු 60% දක්වා අඩු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ ඔබතුමන්ලා වෙත බව මං මතක් කරන්න කැමතියි. එතනදී මේ ජාතික වගකීමක් විදියට සලකළා අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කළොත් අපි බලාපොරොත්තු වන ඉලක්ක සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඉතාම ඉක්මණින් අත්පත් කරගන්න පුළුවන් වන බව නිසැකයි. මොකද මේ අළුත් පනත බදුවලට විතරක් සීමාවෙලා නැහැ.මේ පනතින් රටට විදේශ ආයෝජන ලබාගැනීමේ ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. එතනදි උතුරු නැගෙනහිර පළාත්වලට ඒ කියන්නෙ යුද්දෙන් බැට කාපු පළාත්වලට විදේශ ආයෝජන ලබාදීමේ දී අපි ඉතාමත් ආකර්ෂණීය ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහි දී මං කියන්න කැමතියි මීට කලින් හිතුමනාපයට එක් එක්කෙනාගෙ එහෙම නැත්නම් බලය හිමි අයගෙ ඕනෑ එපාකම්වලට අපිළිවෙළට ක්‍රියාත්මක කරපු ආයෝජන ප්‍රතිපත්ති වෙනුවට ලැබෙන ආයෝජන ප්‍රමාණය අනුව නීතිමය රැකවරණයක් ඇතුව රටට ලබාගැනීමට මේ පනතින් සහන සලසලා තියෙනවා.ඒ වගේම මුදල් ඇමතිවරයාට බදු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තිබුණු විශාල බලතල ප්‍රමාණයක් අළුත් පනතින් ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව වෙතට දැන් ලැබිලා තියෙනවා. එවැනි ප්‍රතිපත්තියක් තුළින් රටේ නීතිමය රාමුව කාටත් එක හා සමාන බවත්, අපි දැනහැඳුනුම්කම් මත කලින් කලට තෝරාගත් පුද්ගලයන්ට බදු සහන ලබාදීමක් සිදු නොකරන බවත් මා කියන්න කැමතියි. ඒ තුළින් කාටත් සාධාරණව හා විනිවිද භාවයෙන් ක්‍රියා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතා හොඳ සේවයක් ඔබතුමන්ලා ඉදිරි කාලයේ දී ලබාදෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.නව බදු පනත ගැන ඔබතුමන්ලාගේ දෙපාර්තමේන්තුව ඉතා සාර්ථක මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින් දැනුවත්කරමින් බදු ගෙවීම ගැන මහජනයා අතර යහපත් ආකල්පයක් ගොඩනැඟිමත්, ඒ වගේම එය පුරවැසි වගකීමක් ලෙස මතයක් ඇති කිරීමටත් පුළුවන්. ඒ අපේ අරමුණු සාර්ථක වන බව පැහැදිලියි. මොකද මං දන්න විදියට මේ රටේ සමහර ජනතාව බදු ගෙවීම අකමැත්තෙන් කරන මඟහැරිය හැකි නම් මඟහැරිය යුතු දෙයක් විදිහට තමයි දකින්න පුරුදු වෙලා ඉන්නෙ. ඒ පිළිබඳව ආකල්පමය වෙනසක් මේ මොහොතේ ඇතිකරගත යුතුයි.2019 ජනවාරි මාසයේ 19 වෙනිදා ඉඳලා ශ්‍රීලංකාව ආර්ථික වශයෙන් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙනවා. මෙහිදී ජාත්‍යන්තර සංවිධාන සහ මූල්‍ය ආයතන අපේ රටේ ආර්ථික තත්ත්වය උසස් කිරීම නිසා අපිට අඵත් නීතිරීති සහ ක්‍රමවත් ආයතන පද්ධතියක් තුළින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට සිදුවෙනවා. ඒ සඳහා දැනට යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මං විශේෂයෙන් මතක් කරන්න කැමතියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන RAMIS ක්‍රමය ස්ථාපිත කිරීමත්, විදේශ සංචාරකයන් මේ රටෙන් පිටවෙලා යන කොට ගුවන් තොටුපළේ දී VAT බදු ප්‍රතිපූරණය කිරීමේ පහසුකම් සැලසීමත්, අපිට ක්‍රියාත්මක කරන්න තියෙන වැඩසටහන් දෙකක්. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් අපිට ඉතා ඉක්මන් ආර්ථික වර්ධනයක් ලබාගන්න හැකි වෙන බව නිසැකයි.ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවත්, කොමසාරිස්වරුන්ගේ සංගමයත් මේ අලුත් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න දිගටම සහයෝගයක් ලබාදෙන බව මට විශ්වාසයි කියලා. ඇත්තෙන්ම අපිට අවශ්‍ය කරන්නේ රජය පොහොසත් කිරීම තුළින් පොදු මහජනතාව වෙත අවශ්‍ය ඕනෑම අවස්ථාවක ස්වභාවික උපද්‍රවයක්, ඕනෑම ව්‍යසනයක දී, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි පොදු සැපයීමක දී තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට ශක්තියක් මේ බදු ආදායම් හරහා රජය ඇතිකර ගැනීමයි. ඒ තුළින් පොහොසත් ජනතාවක් ඉන්න දුප්පත් රජයක් වෙනුවට පොහොසත් ජනතාවක් ඉන්න පොහොසත් රජයක් බිහිවන බව නිසැකයි.