පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ (ඔම්බුඩ්ස්මන්) නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
1981 වර්ෂයේදී ආරම්භ කළ ඔම්බුඩ්ස්මන් කාර්යාලය පිහිටුවා වසර 37 ක කාලයක් මහජනතාව වෙනුවෙන් සිය රාජකාරී ඉටුකරමින් පැවතිය ද, නිල ලාංඡනයක් සහ නිල වෙබ් අඩවියක් එම ආයතනය සතුව නොතිබිණි.
එම අඩුව පුරවාලමින් වත්මන් ඔම්බුඩ්ස්වරයා වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන හිටපු මහාධිකරණ විනිසුරු එල්.ඒ. තිස්ස ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම නිල ලාංඡනය සහ නිල වෙබ් අඩවිය හඳුන්වාදීම සිදු කෙරිණි.
ඒ අනුව 2016 වර්ෂයේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින්, දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු කළ අතර, දිවයිනේ පාසල්වල 10,11 ශ්‍රේණිවල සිසුන් විසින් තැපැල් මගින් එවන ලද චිත්‍ර 116 ක් අතුරින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ චිත්‍ර අංශයේ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් හමුවේ විනිශ්චයට ලක්කරමින් නිල ලාංඡනය සඳහා නිර්මාණය තෝරා ගෙන ඇති අතර, කුලියාපිටිය සුරදූත බාලිකා මහා විදුහලේ 2016 වසරේ දී 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ගයාත්‍රි පබෝධ පෙරේරා සිසුවිය විසින් මෙය නිර්මාණය කර තිබේ.
නව නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක දරු දැරින් සඳහා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට සමගාමීව නිකුත් කළ සමරු කලාපය ද ඔම්බුඩ්ස්මන් එල්.ඒ. තිස්ස ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඇමතිනි තලතා අතුකෝරාළ, නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.