මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන එම වැඩපිළිවෙළහි ප්රමුඛ පියවරක් වන අතර දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම එහි අරමුණ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.
සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප්රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇත.
ඉතිහාසයේ ප්‍රථම වරට අමාත්‍යාංශ 14 ක්, දෙපාර්තමේන්තු 05 ක්, ආයතන 06 ක්, පළාත් සභා 09 ක් සහ සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර 2017 සිට 2019 දක්වා තෙවසරක සැළැස්ම සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 5232.6 කි.
ස්වේච්ඡා ළමා නිවාසවල ප්‍රමිතින් පාලනය කිරීම, අධීක්ෂණය හා පරිපාලනය පිළිබඳව ප්රඥප්තීන් හඳුන්වාදීම, ළමා රැඳවුම් මධ්‍යස්ථාන යන නාමය ආරක්ෂිත නිවහන ලෙස වෙනස් කිරීම, නිවාසගත දරුවන් දේශීය විදේශීය වශයෙන් හදා වඩා ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීම, ලැගුම්හල් හා ඖෂධහල් ලියාපදිංචිය හා නියාමනය කර්යක්ෂම කිරීම “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය. විවිධ නෛතික කාරණා හේතුවෙන් රැඳවුම් භාරයේ සිටින ළමුන් නැවත පාසල්ගත කිරීම සම්බන්ධව මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේඛ බල ගැන්වීම මෙම වැඩසටහනේ ඉතාම සුවිශේෂී අරමුණකි.
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ද අද දින සිදු කෙරිණි.
කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය තුළ මව අහිමි දරුවන් 387 ක් සහ පියා අහිමි දරුවන් 378 ක් ජීවත් වන බවට තොරතුරු වාර්තා වෙයි.
අධිකරණමය කටයුතුවලට සම්බන්ධ වූ අඩු වයස් හා ළමා මව්වරුන් මෙන්ම අවතැන් දරුවන් ළමා නිවාසවල විවිධ අඩුපාඩු මධ්‍යයේ ජීවත් වෙති.
ඒ අනුව දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ළමා නිවාස හා රැඳවුම් නිවාස නවීකරණය හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන උතුරු පළාතේ පාසල් 25 ක, ප්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් සංවර්ධනයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම, වකුගඩු රෝග අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පසුකම් නොමැති පවුල් 1,000කට ගෘහස්ථ ජල පෙරණ ලබාදීම, පූර්ව ළමා විය සංවර්ධනය සඳහා තෝරාගත් පෙර පාසල්වලට පොත් කට්ටල, ලීබඩු සහ කී‍්‍රඩා උපකරණ ලබාදීම, අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් සහිත පවුල් සඳහා මූල්‍ය ආධාර සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක කෙරිණි.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දරුවන් වෙනුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක වූ වැඩසටහන් අතරින් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන සුවිශේෂී වන්නේ එය දිවයිනම ආවරණය කරමින් ඉතා සකී‍්‍රය සහ ප්‍රායෝගික අන්දමින් සියලු පාර්ශ්වයන් එක් කර ගනිිමින් කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක් වීම නිසා බවයි.
මනෝ උපදේශනය, නීති උපදේශනය හා පැමිණිලි භාරගැනීම සඳහා ජංගම සේවාවක් ද අද මෙම උත්සව භූමිය තුළදී කි‍්‍රයාත්මක කෙරෙණි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාෆා, යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් රැසක් සහ දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට සමගාමීව කිලිනොච්චි කනගපුරම් විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ නව කී‍්‍රඩාංගණය අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
2017 ඔක්තෝබර් 14 වනදා කිලිනොච්චි විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී එම විද්‍යාලයේ දරුවන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම කි්රඩාංගණය ඉදිකෙරුණු අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 05කි.
අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.
ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
එමෙන්ම යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල යුද හමුදාව විසින් මෙතෙක් භාවිතා කළ ඉඩම් අක්කර 120.89 ක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීම ද “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා අතින් අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත භාරදුන් අතර ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 62.95 ක්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අක්කර 05.94 ක්, මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 52 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ස්ථාපිත පුද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කර කිරීම සිදු විය.
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනෙහි කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-06-18 වන දින කිලිනොච්චිය, මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ විශේෂ අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ වේලාවට උත්සවයකට පැමිණි විට ජනාධිපතිවරයා කතා කරන්නේ අවසානයේදී. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි. එයට හේතුවක් තිබෙනවා. මේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මමයි. ඒ නිසා මම මුලින්ම කතාකරනවා.
අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ දරුවෝ කියලා. එසේ බැලූ විට අපි හැමෝම දරුවෝ. නමුත් දරුවන් සුරකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් විදියට හඳුන්වන වයස අවුරුදු 18 න් පහළ සෑම කෙනෙක්ම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම් කර තිබෙන බව ඔබ දන්නවා. ලෝක ළමා දිනයේදී ලෝකයේ සියලුම රටවල දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සියල්ලටම පෙර අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අරමුණ කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීම අවශ්‍යයි. දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලුම රටවල්වල සිදු වෙනවා. නමුත් ආර්ථික වශයෙන් පහළ, සංවර්ධනය අඩු රටවල්වල මේ ප්‍රශ්න වැඩියි. එමෙන්ම යුද්ධය පවතින සහ යුද්ධය පැවැති රටවල්වල මේ ප්රශ්නය වැඩියි.
දකුණු ආසියාතික රටවල්වල දරුවන්ට ප්‍රශ්න බොහෝ වැඩියි. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන නිවසයි. තමන්ගේ ගෙදරයි. දරුවන් හැදෙන්නේ දෙමව්පියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ගෙවල්වල, පවුල්වල තිබෙන ආර්ථික ගැටලු නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. සමහර වේලාවට දෙමව්පියන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. අවබෝධයෙන් අඩු දෙමව්පියන් තමන් කියන දේ කරන්නේ නැහැ කියා දරුවන්ට බොහෝ හිරිහැර කරනවා. ඉතාමත් කනගාටුවෙන් කිව යුතුයි, ඔබ මාධ්‍ය තුළ දකිනවා දරුවන්ව දෙමව්පියන් අතින් අපචාරයට ලක් වූ අවස්ථා. එවැනි දේ ශීලාචාර සමාජයක, යහපත් සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකියි. දරුවන් පීඩාවට, හිරිහැරවලට, කරදරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවස සහ දෙමව්පියන් අතරේ සිදුවන බව මුලින්ම සඳහන් කළ යුතුයි. දෙමව්පියන්ට තිබෙන අනවබෝධය, නූගත්කම, මත්ද්‍රව්‍ය බොහෝ වේලාවට එවැනි ප්‍රශ්නවලට මුල් වෙනවා. දරුවාට ආරක්ෂිත ස්ථානය නිවස බවට පත්කිරීමට අපි සෑම කෙනෙක්ම කටයුතු කළ යුතුයි.
දරුවා පාසලට ගිය විට දරුවාගේ සුරක්ෂිතභාවය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. පාසලේදී දරුවන් අතරේ ඇති වන ප්රශ්නවලදී දරුවන් හිරිහැරවලට ලක් වෙනවා. සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙනුත් දරුවන්ට නොයෙකුත් හිරිහැර, කරදර සිදුවෙනවා. ඉන් මා අදහස් කරන්නේ දරුවකු වරදක් සිදු කළ විට ගුරුවරයෙක් සාමාන්‍ය දඬුවමක් දීම නොවේ. පාසලක දරුවෝ දහස් ගණන් සිටිනවා. ගෙදරක සිටින්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි. අම්මටයි තාත්තටයි දරුවෝ ටික හදා ගන්න තිබෙන අමාරුව ඔවුන් දන්නවා. එසේ නම් දරුවෝ සිය ගාණක්, දහස් ගාණක් සිටින පාසලක දරුවෝ බලාගන්න ගුරු මහත්ම මහත්මීන්ට කොතරම් අසීරුද කියා අපි සිතිය යුතුයි. මගේ අදහස නම් පාසලක විනය පවත්වා ගැනීමට වරදක් සිදු කළ විට පාසල් ශිෂ්‍යයෙකුට පුංචි දඬුවමක්, අවවාදයක් දීම වරදක් නොවේ.
දෙමව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් විසිනුත් දරුවන්ට බරපතළ දඬුවම් දීම, වදහිංසා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. සමහර වේලාවට පවුල්වල දරුවන් තුන් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවන් තුන් දෙනාට තුන් විදියට සලකන දෙමව්පියන් සිටිනවා. එමෙන්ම පාසලේත් සමහර ගුරුවරුන් දරුවන්ට විවිධ අයුරින් සලකනවා. සමහර දරුවන්ට හොඳට සලකනවා. හොඳට බලාගන්නවා. සමහර දරුවෝ ගැන බලන්නේ නැහැ. සලකන්නේ නැහැ. කොන් කරනවා. සමහර දරුවෝ ගැන අවධානය අඩුයි. පන්තියේ සිටින හොඳට විභාගය සමත් වන හොඳට ලකුණු ගන්නා දරුවන් වගේම විභාගය දුර්වල දරුවා ගැනත් ගුරුවරුන් සියලු දෙනාම එක වගේ බැලිය යුතුයි.
හොඳට ලකුණු ලබා ගන්නා දරුවෝ වගේම, විෂයන්වලට දුර්වල දරුවා ගැනත් හැම වෙලේම ගුරු මහත්ම මහත්මීන් එකවගේ බලන්න ඕන. ඒ වගේම දරුවා සමාජයට ගියාම ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් ඔබ බොහෝදුරට දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් යන දරුවන්ට මොනතරම් හිරිහැර සිදුවෙනවා ද කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි දරුවන්ට වන හිරිහැර පිළිබඳවත් අපේ අවධානය යොමුවිය යුතුවෙනවා. ඒ වගේම ඔබ දන්නවා දෙමාපියන් විදේශ ගතවීම් නිසා දරුවන්ට බොහෝ ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර දෙමාපියන් දරුවන්ව අත්හැරලා දානවා. සමහර මව්වරුන් දරුවන් ලැබුණු ගමන් පාරක දාලා එනවා හොරෙන්. මේ සියලු දේවල් දරුවන්ට ඇතිවන ප්‍රශ්න.
ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයක් පවතින ඕනෑම රටක දරුවන්ට දැඩි මානසික පීඩා සිදුවෙනවා. යුද අර්බුදයක් පවතින විට සැමවිටම කරදරයට පත්වන්නේ දරුවන්. එහිදී දරුවන්ට දෙමාපියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න කෙනෙක් නැතිවෙනවා. මෙවැනි ඉතාමත් වේදනීය වූ කටුක අත්දැකීමක් අපි හැමකෙනෙකුටම තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව, දරුවන් පිළිබඳ පවතින ප්‍රශ්න ගැන පැමිණිලි එන්නේ ඒ නිසයි. ඒ වගේම අපි දන්නවා සමාජයේ ආබාධිත දරුවන් පිරිසක් ඉන්නවා. ආබාධිත දරුවන් ගැන විශේෂ වැඩසටහන්වල අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම රෝගී දරුවන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමුකරලයි දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ආරම්භ කළේ.
මේ වැඩසටහනට අපි අමාත්‍යාංශ, පළාත් සභා, ළමා ආරක්ෂක අධිකාරිය වැනි සියලු අංශ එකතු කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් පිළිබඳ ළමා ප්රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ළමා ප්රඥප්තිය අනුව අපි සෑම කෙනෙක්ම කටයුතු කළයුතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය, මේ සෑම දෙයක් පිළිබඳව වගකීමකින් රජයක් ලෙස කටයුතු කළයුතුයි. ළමයින්ගේ ආරක්ෂාව සඳහා වෙනම ස්ථාන තිබෙනවා. ඇතැම් වෙලාවට එම ස්ථානවලදීත් ළමයින්ට කරදර ඇතිවෙනවා.
ඒ නිසා ඒ සියලු අංශයන් කෙරෙහිම අවධානය යොමුකරලා මේ ජාතික වැඩසටහන අපි හැදුවේ. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ දරුවන්ගේ ආරක්ෂාව සැලසීමයි. සෑම දරුවෙකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, භාරකාරත්වය, ආරක්ෂාව, සියලු අංශ මෙම වැඩසටහනට අයත් වෙනවා. මේ වැඩසටහන දිස්ත්‍රික්ක ගණනාවක මේ වනවිට ක්‍රියාත්මකයි. මේ සඳහා අපට සහය දුන් සියලුම ආයතනවලට අපි ස්තුතිය පළකරනවා. පොලිසිය, සෞඛ්‍ය සේවාව, කාන්තා හා ළමා ආරක්ෂක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඇතුළු සියලු දෙනාම සහය දීම ගැන ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවෙමු කියලා මා ඉල්ලා සිටිනවා.
ස්තුතියි.