ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ටොරින්ටන් චතුරශ්‍රයේදී පැවැත්විණි.
යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විසින් යෝගා පිළිබඳ ග්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක් විය.