රට පුරා යෝධ සංවර්ධන වැඩපිළිවෙළකට ගෙන යමින් මේ වසරේ දී සහ ලබන වසරේ දී රුපියල් බිලියන 160-200 අතර මුදලක ඉලක්කගත සංවර්ධන වැඩපිළිවෙළ රැසක් රටේ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1)පැවැසීය.
'ගම් පෙරළිය', 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා', 'ස්වශක්ති', විමධ්‍යගත අය-වැය ආදිය හරහා මෙම වැඩපිළිවෙළ මගින් රටේ සංවර්ධනය ඇති කරන බව අගමැතිවරයා කීය.
කඩා වැටුණු ආර්ථිකය 2015 දී භාරගෙන විවිධ කැපවීම් කරමින් එය ක්‍රමානුකූලව ගොඩනැගූ බවත්, මේ ආකාරයටම තවත් වසර 3ක් 4ක් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බවත් අග්රාත්යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ 'හරිත භූමි' වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේ වැඩසටහන යටතේ පන්විල කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේ දී වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් වූ ඉඩම් කැබලි 500ක් පවරා දෙනු ලැබූ උත්සවයේ දී ය. ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබා දීම ඩී.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙවැනි වැඩකටයුතු සිදු කරද්දී ඇතැම් මාධ්‍ය තමාට දෝෂාරෝපණය කරන බවත් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට තමා පළි නැති බවත් පෙන්වා දුන් අගමැතිවරයා දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට බවත් හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමාට කළ හැකි දෙයක් නොමැති බවත් කීය.