දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.


මිය යනවිට ඔහු 39 වන වියේ පසුවූ ඔහු මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාකයන් කර්තෘ ධූරය දැරූ සිළුමිණ පුවත් පතේ කර්තෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයා ද වන්නේය.
මතුගම සි.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ලක්බිම පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. පසුව රිවිර හා ඉරුදින යන පුවත්පත්වල ද ඔහු සේවය කර ඇත.