අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සිනමා නළු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) උදෑසන ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, සුමනා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, සහෘද කලාකරුවන් සහ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.
ඉන් අනතුරව අභාවප්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරි මහතාගේ දේහයට ද ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වීය.
මේ අතර අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ නාට්‍යවේදී එස්. කරුණාරත්න මහතාගේ දේහයට ද අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.