සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් ප්‍රකාශයට පත් කෙරෙන ‘සිළුමිණ’ සහ ‘රැස’ පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන චාමර ලක්ෂාන් කුමාර මහතා හදිසියේ රෝගාතුරවී අභාවප්‍රාප්ත විය.


දශක දෙකකටත් වඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණු චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර, ඉරුදින පුවත්පත්වලට මහඟු මාධ්‍ය මෙහෙවරක් ලබාදීමෙන් අනතුරුව 2015දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධවී කෙටි කලකින් ‘රැස’ දිනපතා පුවත්පතේ ආරම්භක කතුවරයා වීමේ වරම් ලැබුවාසේම සිළුමිණ පුවත්පතේ ද කතුවරයා ද විය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධරයකු මෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලැබූ චාමර ලක්ෂාන් පොතපත කියැවීමෙන්ද මාධ්‍ය ක්ෂේත්‍රයේ හසල දැනුමක් ලැබූවෙකි.
මියයනවිට තිස්නව වැනි වියේ පසුවූ අතර චාමර ලක්ෂාන් මහතාගේ අවමංගලෝත්සය අද 4 වැනිදා සවස 5ට මතුගම, ඉදිගොඩතැන්න සුසානභූමියේදී සිදුකෙරේ. අවමඟුල් පෙරහර සවස 4ට අංක 5, ඇතුළත්මුදලිගම, මතුගම නිවෙසින් පිටත් වෙයි.