විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018 නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමාගේ සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018.07.06 (සිකුරාදා) දින පෙ.ව.11.00ට කොළඹ 01, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේදී (මහලේකම් කාර්යාලයේ) පැවැත්වේ.
මෙම උත්සවය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් හා මාධ්‍ය ප්‍රධානීන්ද සහභාගී වීමට නියමිතය.