එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා අද (14 දහවල් රෝමය බලා පිටත්ව ගියේය.)
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා වනාන්තරවල දායකත්වය ප්රවර්ධනය කිරීමේ අරමුණින් සමුළුව සංවිධානය කෙරේ.
වන සංරක්ෂණය පිළිබඳ ප්රතිපත්ති ශක්තිමත් කරලීම හා වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙම සමුළුව පුළුල් දායකත්වයක් සපයයි.
ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප්රධාන ජයග්රහණ පිළිබඳව එහි සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමි වේ.
ශී්ර ලංකාවේ වන ඝනත්වය 29% – 32% දක්වා ඉහළ නංවා ගැනීමට ගෙන ඇති ප්රතිපත්තිමය තීන්දු තීරණ සහ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් පියවර රැසක් කි්රයාත්මක කරමින් සිටින අවස්ථාවක මෙම සැසිවාරය සඳහා ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වය සුවිශේෂී වෙයි.
ජනාධිපතිතුමා ජූලි 16 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව විවෘත රාජ්ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපතිතුමා ජූලි 17 වනදා සිට 19 වනදා දක්වා ජෝර්ජියාවේ සංචාරයකට එක්වෙයි.