ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාවේ ගම්මාන 14000 තුළම ක්‍රියාත්මක කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි.
ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගති සමාලෝචනයේ දී අගමැති වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.ආරම්භයේ පටන්ම ජනතාවගේ උනන්දුවට සහ ප්‍රසාදයට ලක්ව තිබෙන ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන අතර මුදල් හා ජනමාත්ය අමාත්‍යංශය සහ ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඊට සෘජුව දායකවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මංගල සමරවිර මහතා යටත් ඇති මුදල් අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක වන ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ගම දියුණු කරන ප්‍රධානම ක්‍රමවේදය වේ.
එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ණය ප්රදානය ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ ඇති ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වේ.
ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ගම්මාන 14000 පුරා ක්‍රියාත්මක විම පළමු අදියරේ සිටම ක්‍රියාත්මක කරන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.