ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් මිලියන එකකට වඩා අධික සංඛ්‍යාවක් ආසන්න වශයෙන් මෙරට ප්‍රධාන අංශයක් වන ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැලී සිටිති.
ශ්‍රී ලංකාවේ “ ටුක් ” සැබැවින්ම යම් දෙයක් සංකේතවත් කරන අතර එය ගණනය කල නොහැකි මට්ටමින් භාවිතා කරනු ලබයි. සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින් සදහා අවසන් සැතපුම දක්වාම සබඳතාවය සපයන කුඩා ව්‍යාපාර සදහා දැරිය හැකි ප්‍රවාහන ක්‍රමයකි. පුද්ගලික ප්‍රවාහන ක්‍රමයක් ලෙස ත්‍රිරෝද රථ පහසුකම දැරිය හැකි මිළකට පැවතීම හා ඒ හා සමානවම සංචාරක කර්මාන්තය තුලද එය වැඩි වශයෙන් ජනප්‍රියව පවතී.
එබැවින් ආර්ථිකය තුල මෙම අංශයේ වැදගත්කම ශ්‍රී ලංකා රජය විසින් හදුනාගෙන ඇති අතර, මෙම කර්මාන්තයේ නියුතු අය තවදුරටත් ශක්තිමත් කිරීමට අදහස් කරයි. එයට උදාහරණයක් වශයෙන් 2018 අයවැයෙන් සංචාරකයින් සදහා වන ප්‍රියමනාප හා ආචාරශීලි සංචාරක “ ටුක් ටුක්” සංකල්පය අප හදුන්වා දෙනු ලැබීය.
දැනට සිටින ත්‍රිරෝද රියදුරන් ශ්‍රී ලංකා සංවර්ධන සංචාරක අධිකාරියේ ලියාපදිංචි කරවීම මෙම වැඩ සටහන මගින් කරනු ලබයි. එපමණක් නොව සංචාරකයින්ට මඟ පෙන්වන්නෙකු ලෙසද ඔවුන් කටයුතු කරනු ලබන අතර, ත්‍රිරෝද රථවල සංචාරකයින්ගේ රියදුරෙක් ලෙසද ඔවුහු සේවය කරති. මෙම වැඩ සටහන මගින් සංචාරක කර්මාන්තයේ තම ජයග්‍රහණ කරා උසස් මට්ටමකින් ලගාවීම හා එහි ගුණාත්මක බව වර්ධනය කිරීමටත් එය හොදින් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව මා දැනුම්දෙනු ලබන අතර මේ වන විට රියදුරන් 589 දෙනෙකුට පුහුණුව ලබා දී තිබේ.
මෙම කර්මාන්තයට විදුලි ත්‍රිරෝද රථ හදුන්වාදීම තවත් වැදගත් ප්‍රතිපත්තියක් වේ. පොසිල ඉන්ධන “ටුක්“ සිට විද්්‍යුත් ක්‍රමය වෙත මාරුවීමට හේතු කීපයක් තිබේ. පාරිසරික ගැටඵ ඒවා අතර ප්‍රධාන වේ. එය පැරිස් ගිවිසුමේ කොටසක් ලෙස 2020 වන විට ,ප්‍රවාහන ක්ෂේත්‍රෙය් හරිතාගාර වායු විමෝචනය 10% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වී තිබේ. මෙම නිර්දේශය ලබා ගැනීම සදහා නිර්දේශයන් ගණනාවක් පවතින අතර වාහන ශුන්‍ය විමෝචනය හේතුවෙන් වායු දුෂණය හා කාබන් පිටවීම අවම මට්ටමකින් පවත්වා ගත හැකි වේ.
2000 වසරේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව අට ගුණයකින් ඉහල ගොස් ඇත. එම කාලය තුලදීත් ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය ලීටර් 90 සිට 150 දක්වා වැඩි වී තිබේ. 20්17 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය හා විදුලි ජනනය සදහා පොසිල ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකා ඩොලර් මිලියන 3.5 කට ආසන්න මුදලක් වැය කර ඇත. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4 % ට සීමාවේ. එබැවින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලායාම අවම කර ගැනීම සදහා වන විදයමක් ලෙස ඇති වන අහිතිකර පාරිසරික ප්‍රතිවිපාක අවම කර ගැනීම සදහා දිගුකාලීන තිරසාර විසදුමක් අවශ්‍ය වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස 2018 අයවැයේ වාහන ප්‍රතිපත්තිය යටතේ වාහන හරිත රථ පෙළකට යොමු කිරීම සදහා විදුලි හා දෙමුහුන් වාහන වලට යොමු කිරීම ඔස්සේ දිරි ගැන්වීම් සැලසුම් කර තිබේ. ඩීසල් හා පෙට්‍රල් වාහන ඉහල බදු අනුපාතයකින් බදු අයකිරීමට සැලසුම් කර ඇත. විදුලි හා දෙමුහුන් වාහන සදහා ණය වටිනාකම් අනුපාතය මත වෙළදපොලේ මෙම ගැණුම්කරුවන් ප්‍රමාණය දිරි ගැන්වීමට මෙය වඩාත් හිතකර ලෙස බලපායි. එයට අමතරව ඩීසල් ත්‍රිරෝද රථයක ආනයනික තීරු බදු රුපියල් 50,000/- කින් වැඩි කරනු ලබන පාරිසරික හිතකාමි විකල්පයකට මාරු වීම දිරිමත් කිරීම සදහා වන අතර ව්‍යවසායක ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ බහු ආයෝජන මීටර් ( Meter ) වයි පයි (Wi-Fi). GPS. වැනි පහසුකම් අතිරේක සේවාවන් සදහා ත්‍රිරෝද රථ ධාවකයින් ආයෝජනය කිරීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයින් දැනටමත් ලබා දී ඇති වටිනාකම් මත එකතු කල සේවා සදහා දේශීය හා විදේශීය සංචාරකයින් යන දෙකොටසම ත්‍රිරෝද රථ රියදුරන්ගේ කාලත්‍රයන් අතරේ ව්‍යවසායකක්වය දිරිමත් කිරීමට අප යෝජනා කරනු ලැබේ.
ජපන් ශ්‍රී ලංකා සමුහාණ්ඩු ලේකම් කාර්යාලය හා වෙළද සැලසුම් (T – PLAN) ඔස්සේ විදුලි ත්‍රිරෝද මෙම වැඩිදියුණු කිරීම මගින් ධෛර්යමත් කිරීමට ඇත්ත වශයෙන්ම මා උත්සාහ දරනවා. කර්මාන්තය අතිනවීන තාක්ෂණයෙන් සමන්විත වී ඇති බව සලකනු ලබයි. 2020 වසරේ පවත්වනු ලබන ටෝකියෝ ඔලිම්පික් සදහා 2020 මැද භාගයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විදුලි ත්‍රිරෝද රථ පළමු කණ්ඩායම සුදානම් කරනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ලද විදුලි වාහන ජපානයට අපනයනය කිරීමට වෙළද සැලසුම් තුලින් ( T - PLAN ) කර ඇති බව සතුට දනවන කරුණකි. ජපන් ශ්‍රී ලංකා විස්තිර්ණ සමුහාණ්ඩු සහයෝගීතා කාර්යාලය විසින් දැනට අත්පත් කරගෙන ඇති බොහෝ තාක්ෂණික හුවමාරු කිරීමේ ව්‍යාපෘති වලින් මෙය එකක් වනු ඇත.
එවැනි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති තුලින් ශ්‍රී ලංකා රජය ත්‍රිරෝද රථ කර්මාන්ත සවිබල ගැන්වීම පමණක් නොව එය ගෙනහැර දැක්වීම තුලින් තිරසාර සංවර්ධනය ඔස්සේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් ලගා කර ගැනීමට තවදුරටත් කැපවී කටයුතු කරයි.
මම මෙම උත්සාහය ඔස්සේ දිරිමත් කරන ලද ක්‍රමය සෑම කෙනෙකුගේම දියුණුවට බලපාන ආකාරය නැවත අවධානය කිරීමට කැමැත්තෙමි.