ගාල්ල ගිංතොට ඇති වූ සිංහල හා මුස්ලිම් ගැටුමින් දේපළ හානි වූ පුද්ගලයන් 126 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 38ක වන්දි මුදල් ප්‍රදානය කිරීම පසුගියදා (30) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ගිංතොට සහිරා විද්‍යාලයේදී සිදු කෙරිණි.

ගිංතොට සහිරා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් විදුහල්පති නිල නිවස, තෙමහල් ගුරු නිවාස සංකීර්ණය හා දෙමහල් උපදේශන ඒකකය ද අගමැතිවරයා විවෘත කළ අතර විශේෂ අධ්‍යාපන ඒකකයක් සඳහා ද මුල්ගල් තැබිණි. මෙම ඉදිකිරීම් සඳහා ආණ්ඩුව වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 820කි.