පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට සංවර්ධනයේ ප‍්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් කි‍්‍රයාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80.6 ක වියදමින් මෙම ක්‍රීඩාංගණය පොළොන්නරුව රාජකීය විද්‍යාලය වෙත ලබාදී ඇත.
කි‍්‍රකට් කී‍්‍රඩාව නගරයෙන් ගමට ගෙන ඒමේ මුල් පියවර තබමින් ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණය නගරයේ දරුවන්ට හිමිව ඇති වරප‍්‍රසාදයක් වන කි‍්‍රකට් කී‍්‍රඩාව, ගමේ දරුවන්ගේ ද වරප‍්‍රසාදයක් වනු දැකීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.
අතීතයේ රාජකීය විද්‍යාලයීය දරුවන් කි‍්‍රකට් ක්‍රීඩාවෙන් දස්කම් පෑ අතර, ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිකරන තෝතැන්නක් බවට මෙම ක්‍රීඩාංගණය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජාතික ශිෂ්‍යභට බළකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
සෙවණපිටිය මහා විද්‍යාලය ඇතුළු දිස්ති‍්‍රක්කයේ පාසල් 04 ක් සඳහා කි‍්‍රකට් උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
රාජකීය සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් සහ විදුහල්පති අයි. කේ. කේ රවීලාල් විජේවංශ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව අද උදෑසන ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගිමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 5.52 ක වියදමින් මෙය ඉදිකර තිබේ.
ඇවිදින මංතීරුව ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක ද නිරත විය.