මෙවර ලෝක ආදිවාසී දින සැමරුම් උළෙල දඹාන ආදිවාසී ගම්මානයේදී අද (09) උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සංක්‍රමණය හා සංචලනය තේමාව යටතේ මෙවර ආදිවාසි දින සැමරුම පැවැත්වෙන අතර ආදිවාසි ජනතාවගේ සමාජීය හා සංස්කෘතික තොරුතුරු ඇතුළත් සංචාරක තොරුතුරු මධ්‍යස්ථානය ද මෙදින විවෘත කෙරේ. දෙස් විදෙස් සංචාරකයින්ට මෙරට ආදිවාසී ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙම මධ්‍යස්ථානය ඇති කර තිබේ. දඹාන ආදිවාසී ගම්මානයේ පවුල් 350 ක් සඳහා පෝෂණ ආධාර ලබා දීමේ වැඩසටහනක් ද මෙදින ක්‍රියාත්මක කෙරේ.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය හා ශ‍්‍රම දායකත්වය මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ නායකත්වයෙන් යුතු ව ශ‍්‍රී ලංකාවේ දැනට ස්ථාපිතව ඇති ආදිවාසී ගම්මාන වන දඹාන, රතුගල, නිල්ගල, පොල්ලෙබැද්ද, හේනානිගල, වාකරේ යන ගම්මානයන් නියෝජනය කරමින් ආදිවාසී ප‍්‍රජාව මේ සඳහා සහභාගී වන අතර එහිදී ඔවුන්ට අනන්‍ය වූ විවිධ සංස්කෘතිකාංග ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.