විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගයීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලෙහි අයැදුම්පත් භාරගැනීම 2018 අගෝස්තු මස 13 සිට 31 දින දක්වා දීර්ඝ කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.


මේ පිළිබඳ විස්තර සහ අයැදුම්පත් www.pma.gov.lk හා www.media.gov.lk වෙබ් අඩවිය මඟින් හෝ 0112 513 645 /               0112 513 459 / 60  ඇමතීමෙන් ලබා ගත හැක.