උපාධිධාරීන් හාරදහස් එකසියයකට සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.


මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ පත්වීම් ලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.